Posts

සිසිර අයාලයෙනි

Image
(පසුගිය වසරේ ලියන ලද සටහනකි) සිසිර අයාලයෙනි, නුබ කුස සිසාරා දින සති සැරිසරා මදක් රැඳෙන ගිමන් හරින නුඹ නොදත් බෝ අනතුරු මෙහි වෙත් ඔයාකාර සැහැල් සැරුම් නූස් පඳුරු මුදුන් මත රැඳුම් නොමනාය මෙබිම මත කල්පනාවෙනි... පරිස්සමෙනි... සිසිර අයාලයෙනි! අප හිඳින්නේ බෝ ආලයෙනි යලිත් මතු දිනෙක නුඹලා දකිනු රිසියෙනි  මේ සිටින්නේ සයිබීරියානු ස්ටෝන්චැට් විහඟ මහතා ය. ඒ මහතාගේ මැතිණිය අපි නුදුටුවෙමු. විහඟ සංක්‍රමණ සංචාර ඇරඹී ඇති බැවින් අපිදු කාර්යය බහුල වී සිටිමු. පසුගිය දා ලංකාවේ පළමු වරට වාර්තා වූ විහඟ යුවලක් කෙරවලපිටියේ සිටින බවට ලද තොරතුර මත එහි ගිය ද අපට ඔවුන් මුණ ගැසුනේ නැත. කුරුල්ලෝනේ! පියාපත් ඇත්තෝ නේ! එහෙම හිතන්නයි අපි කැමති. එයාලා කොහේ හරි යහතින් ඉන්නයි උවමනා.  ඉතිං අපට ඒ යුවල මුණ නොගැසුණත් මේ පුංචි දඟ විහඟ හමුවිය. දැනට ලංකාවේ වාර්තා වෙලා තිබෙන්නේ 4 වාරයක් වැනි සුළු ප්‍රමාණයක්. සෑහෙන පිරිසක් වට වෙලා, විවිධ වර්ගයේ විවිධ ප්‍රමාණයේ කැමරා මානාගෙන ඉන්නා හැටිය යස ප්‍රබෝධයක් ගෙන ආවා වාගෙයි එයාගේ හැසිරීම එදා. ඒ පඳුරු මුදුනින් මේ පඳුරු මුදුනට! බිමට! කම්බි තුඩක් උඩට! නැවතත් පඳුරු මුදුනකට! හරියට ‘මෙහෙම හොඳයි ද?